New Text Document - Jan 1, 2023

Posted on Jan 1, 2023

To my Baby,

2022ඉවර වෙලා හෝරා කිහිපයක් ගත උනත් කවදාවත් අමතක කරන්න බැරි මතක මේ වචන ටික ලියන්න පිටුවහලක් උනා.ඇත්තටම ගිය අවුරුද්ද අහම්බයක් 2019 ආදරේ කරන්න බලාගන හිටපු විදිහ මාස6ක් feel කරා.ආදරේ කියන්නෙ අපිව වෙනස් කරන හැඟිමක්.අපි වෙනස් වෙන විදිහ අපිටම හිතා ගන්න බැ.ඒත් අපි ශක්තිමත් වෙනවා.ඒ ශක්තිය අපි බෙදාගත්තා කියලා මම හිතනවා.මේ අවුරුද්ද අපේ ජිවිතේ තිරනාත්මක අවුරුද්දක් වෙයි.ඉතිං ඒක නිසා තමයි මම කිව්වෙ අපි ටිකක් දුරිං ඉමු කියලා.ඉතිං මගෙ රත්තරං..මම කොච්චර දුරට ගියත් මගෙ සිතුවිලිවල ඉන්නෙ ඔයා විතරයි.මට පොඩි නිවාඩුවක් ලැබුන ගමං මම දුවලා එනවා ඔයා ගාවට.ඔයාට තුරුල්වෙන්න.මගෙ සැනසිම,සතුට,ආදරය ඒ හැමදේම තියෙන්නෙ ඔයාගාව විතරයි අයියෙ.කවදාවත් කිසිම වෙලාවක හිතන්න එපා මට වෙන සම්බන්දයක් ඇති කියලා.ඒක ඔයාට ලොකු පවක් වෙයි.මම කවදාවත් ඔයාට දුන්න ඉඩ වෙනකෙනෙක්ට දෙන්නෙ නැ. ඇත්තටම ඉතිං පහුගිය මතක තමයි හැම රෑකම වගෙ මතක් වෙන්නෙ.දුන්න ආදරයට,රැකවරනයට,බලාපොරොත්තුවට ගොඩක් ස්තුති.මගෙ පන,මගෙ ලෝකෙ කියන්නෙ කටට එන වචන කිහිපයක් නෙමෙයි.හිත හිත කියන වචන ටිකක්.මගෙ ජිවිතේ මටත් ලැබුන වටිනමදේ ඔයයි.ඒ වටිනමදේ එක්කලා ජිවිත කාලෙම ඉන්න ආස කරනවා.ඒ වටිනමදේ එක්ක එකතුවෙලා තවත් ඔයාවගේම චූටි පනක් ගේන්න හින දකිනවා.ඉතිං 2023 මම ඉල්ලන්නෙ අවුරුදු කියත් ගෙවුනත් ඇත්තටම මට ආදරෙයිනං මම වෙනුවෙං බලං ඉන්න.අපේ ආදරේට අවු.5ක් මේ අවුරුද්දෙ.හරිම සතුටුයි baba.අපි මේවිදිහටම ඉමු.කාලය අපිව එකතුකරාවි.සුනංගු උනත් අපි බලං ඉමු.මම කවදාවත් මගෙ අයියා දාලා යන්නෙ නැ.මම ඇත්තටම ආදරෙයි.ඔයා කොහොම හිටියත් කමක් නැ මම පුලුවං විදිහට බලාගන්නං.මම ඉක්මනිං දොස්තර කෙනෙක් වෙලා ඔයාට සල්ලි දෙන්නං ඔයාගෙ හිනවලට යන්න.මේවා වෙනවා..අනිවාරෙං..මොකද මගෙ අයියා ආදරේ කරනදේවල් මටත් වටිනවා. කවදා මොන problem එකක් ආවත් මගෙ ඇස් දෙක මතක් කර ගන්න..ඔයාට හරිදේ පෙනෙයි.හරිදේ හිතවයි.ඉක්මනිං අපි හදපු වහලක් යට කිරිබත් කැල්ලක් කන ගමං අලුත්ම අලුත් අවුරුද්දක් සමරන්න පුලුවං වෙන දවසක් ඒවි.ඒ හින වලට අපි යනකං අපි ආදරේ කරමු.අපිට ලැබෙන්නෙ අපි දෙනදේ නං.අපි අපිට ආදරේ විතරක් දෙමු.මේ අවුරුද්දෙත් ලබන හැම ආත්මෙකමත්..එතකොට අපිට හැමදාම එකට ඉන්න පුලුවං වෙයි අයියා..මම දන්නැ අනෙ ඔයා නැතුව කොහොම අවුරුදු කියක් හිතිං අඩන්න වෙයිද කියලා.ඒත් අනේ මන්දා ඔයා ළඟ ඉන්නවා වගෙම දැනෙනවා.නිදා ගන්න ගියාම මගෙ එහා පැත්තෙ ඉන්නවා වගෙ දැනෙනවා අයියෙ..කවදාවත් ඔයාගෙං ආව සුවඳ අමතක වෙන්නෙ නැ..මාත් එක්කම ඉන්න..මමත් ඉන්නවා baba.ඔයා දන්නෙ නැ මගෙ හිතේ කොච්චර ආදරයක් ඔයාගෙ නමට ලියවිලා තියනවද කියලා.මට ගිය අවුරුද්දෙ කරපු හැම උදව්වකටම ස්තුති.කවුරුත් මාව විශ්වාස නොකරන කොට ඔයා විතරයි baba කිව්වෙ,මම දන්නවා ඔයා ගැන ඔයා කොහොම හරි ඒක කරනවා කියලා..ඒ හැමදේටමත් ගොඩක් ස්තුති.ඉස්සරහට හැමදාම මම ඔයා එක්ක ඉන්නෙ නැ..හැමදාම දවසෙ වෙච්ච දේවල් කියන්නත් බැරිවෙයි.එතකොට අයියෙ මතක තියා ගන්න කවුරු මොනදේ කිව්වත්,මම ඉන්නවා ඔයා ළඟ..ඔයාට රිද්දන කිසිමකෙනෙක්ට ඔයා reaction දෙන්න යන්න එපා.එයාලට වෙනදේ බලං ඉන්න.ඔයා හරිම හොඳ දරුවෙක්.කොහොම උනත් මම පිටකෙනෙක් නෙ baba ඒත් කිසිම වෙලාවක මොනම විදිහටවත් මට රිදෙන්න දුන්නෙ නැ.මාව බලාගත්තෙ ඔයාගෙම කෙනෙක් වගෙ.මට ආදරේ දුන්නෙ ඔයාගෙම කෙනෙක්ට දෙනවා වගෙ.ලස්සනයි නේද baba වෙච්ච හැමදේම..ඉතිං baba එදා වගෙම අදත් මගෙ wish එක අයියා සතුටිං අවු.100ජිවත් වෙන්න ඕනා කියන එක.ඔයා කවදාවත් මැරෙන්න හොද නැ.මම මැරෙන්න දෙන්නෙත් නැ හරිද..මගෙ පන baba ඔයා.මම මෙච්චර ආදරේ කරලා නැ කාටත්.ඒ ආදරේ දෙන්න හිතුනෙ ඔයාගෙ ඇස්වල මම හිටියා.මම ඒක දැකලා තියනවා.ඒ වගේම ලස්සනට හිතෙත් මම ඉන්නවා කියලා මම දන්නවා පන.එහෙනං මගෙ වස්තුවට සුබ නව වසරක්..ගොඩක් අය කියන,කියපු දෙයක් තියනවා..ළං වෙන්න ළං වෙන්න ආදරේ අඩු වෙනවාලු..ඒත් අවංකවම අයියෙ මීට අවුරුදු හතරකට කලිං ආදරේ කරපු විදිහටම තාමත් ඔය මූනට මම ආදරෙයි.මේපාර ඇත්තම කිව්වොත් ආදරේ වැඩි..god bless you aiya. Ummaa..😘